ආයුධ අත්හැර දමා ගිහින්



සිරියාවේ සානා නුවර කුනේට්‍රා නගරයේ ත්‍රස්තවාදීන් අත්හැර දමා ගොස් තිබු ආයුධ තොගයක් හමු වී ඇත.

ප්‍රහාරක රයිෆල්,මැෂින් තුවක්කු, උණ්ඩ, බිම්බෝම්බ, යුධටැංකි නාශක උපකරණ, ආරක්ෂිත උපකරණ,සන්නිවේදන උපකරණ, වෛද්‍ය උපකරණ, බෙහෙත් සහ තවත් ආයුධ රැසක් ආරක්ෂක අංශ සොයා ගෙන ඇත.

ඊශ්‍රායලයේ සහ බටහිර රටවල් කීපයක නිෂ්පාදිත ආයුධ තොගයක්ද ආරක්ෂක අංශ සාමාජිකයන් සොයා ගෙන ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, සනා නුවර)

RECOMMEND POSTS