අලුත් මුදල් නොට්ටුවක්



ඕමාන් මහ බැංකුව අලුතින් මුදල් නෝට්ටුවක් හඳුන්වා දීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.

ඕමාන් රියාල් පනහක (50) වටිනාකමකින් යුත් මුදල් නොට්ටුවක් වන බවත් ආරක්ෂිත ක්‍රම කීපයක් මුදල් නෝට්ටුවට අඩංගු කර ඇති බවත් දැනට භාවිතා කරනඑම වටිනාකමින් යුත් මුදල් නෝට්ටු සමඟ භාවිතා කිරීමට හැකියාව පවතින බව මහබැංකුව පවසයි.

අදාල මුදල් නෝට්ටුව ජුනි 02 සිට භාවිතයට හඳුන්වා දුන් බව ඕමාන් මහබැංකුව වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

ඉංග්‍රීසි සහ අරාබි යන භාෂා දෙකම මුදල් නෝට්ටුවේ මුද්‍රණය කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)

RECOMMEND POSTS