අල් ජසීරාට ඊශ්‍රායල අගමැති දෙහි කපයි



ජෙරුසිලමේ පිහිටුවා ඇති ‘අල් ජසීරා’ පුවත් නාළිකාව වසා දමනවා යැයි ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහු  තර්ජනය කරයි.

මේ වනවිට පරණ ජෙරුසිලම නගරයේ පිහිටා ඇති ‘අල් අස්කා’ මුස්ලිම් පල්ලිය මුල්කොට ගනිමින් ඊශ්‍රායල පලස්තීන ගැටුම් නිර්මාණය වී ඇත.

අල් ජසීරා නාළිකාව ඊශ්‍රායල රජය සහ ආරක්ෂක අංශ විවේචනය කරමින්, එම මුස්ලිම් පල්ලිය සම්බන්ධ ගැටුම් වාර්තා කරන හෙයින්, ප්‍රචණ්ඩ ක්‍රියා උත්සන්න වී ඇතැයි ඊශ්‍රායල අගමැති නෙදන්යාහු චෝදනා කරයි. ජෙරුසිලමේ පිහිටුවා ඇති පුවත් කාර්යාලය වසා දමනවා යැයි නෙදන්යාහු තර්ජනය කර ඇත්තේ ද එහෙයිනි.

අල් ජසීරා යනු ජාත්‍යන්තර පුවත් සේවයකි. එය කටාර් රාජ්‍යයට අයත් පුවත් සේවයකි. ජෙරුසිලමේ පමණක් නොව, ඇමෙරිකාවේත්, සෙසු බටහිර රටවල් කිහිපයකත් අල් ජසීරා ශාඛා කාර්යාල පිහිටුවා ඇත.

සෞදිය ප්‍රමුඛ ගල්ෆ් කලාපීය රටවල් කටාර් රාජ්‍යයට සම්බාධක පැනවා ඇති අතර එම සම්බාධක ඉවත් කිරීමට කොන්දේසි 13 ක් ද ඉදිරිපත් කර තිබේ. එම කොන්දේසිවලට කටාර් රාජ්‍යය එකඟ වන්නේ නැත. එයින් එක් කොන්දේසියක් වන්නේ ‘අල් ජසීරා’ පුවත් සේවය වසා දැමීමය.

(රොයිටර්)

 


RECOMMEND POSTS