අල් ජසීරා වහන්නේ නැහැ



අරාබි රටවල් ඉල්ලා සිටින පරිදි සිය මාධ්‍ය ආයතනය කිසි ලෙසකින්වත් වසා දැමීමට සූදානම් නැති බව අල් ජසීරා මාධ්‍ය ආයතනය අවධාරණය කරයි.

දෝහා අගනුවර සිට බීබීසී හා විශේෂ සාකච්ඡාවකට එක් වූ අල් ජසීරා මාධ්‍ය ආයතනයේ ජාත්‍යන්තර සම්බන්ධතා අංශයේ කළමනාකරු ඉහ්තිශාම් හිබතුල්ලා ප්‍රකාශ කර සිටිනුයේ  කටාරයේ පිහිටි අල් ජසීරා මාධ්‍ය ආයතනය වසා දමන මෙන් අසල්වැසි රටවල් හතරක් කරන ඉල්ලීම "ප්‍රජාතන්ත්‍රවාදයේ හඬ සහ භාෂණයේ නිදහස යටපත් කිරීමේ උත්සාහයක්" බව කීය.

මීට සති දෙකකට පමණ ඉහතදී පනවන ලද සම්බාධක ඉවත්කිරීම සඳහා ඉදිරි දින දහය ඇතුළත කොන්දේසි 13 ක් සම්පූර්ණ කළ යුතු බව සවුදි අරාබිය, ඊජිප්තුව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ බහරේනය සිකුරාදා කටාරයට දැනුම් දී තිබේ.

දෝහා නුවර පිහිටි අල් ජසීරා මූලස්ථානය වසා දැමිය යුතු බව එයින් එක් කොන්දේසියකි.එම කොන්දේසිය සම්බන්ධයෙන් අල් ජසීරා මාධ්‍ය ආයතනය පළ කළ පළමු ප්‍රතිචාරය මෙය වේ.

( තිළිණි ද සිල්වා )

බී.බී.සී ඇසුරෙනි.


RECOMMEND POSTS