අරාබි එකාබද්ධ හමුදාව ඉරාන ඩ්‍රෝනා යානාවක් විනාශ කරයි



යේමනයේ අරාබි එකාබද්ධ හමුදාවන් එක්සත් අරබි එමිරේට්ස් ගුවන් හමුදාවගේ සහය ඇතිව ඉරාන හමුදාවට අයත් ඩ්‍රෝනා යානාවක් යේමනයේ මොකා වරායට ඉහළ අහසේදී විනාශ කර දමා ඇති බව යේමන ආරක්ෂක අංශ ප්‍රකාශ කල බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කලේය.  

දකුණුදිග මොකා ආරක්ෂිත කළාප ඉහල අහසේ සිට යේමන හමුදාවන්ගේ ක්‍රියාකාරකම් නිරීක්ෂණය කරමින් සිටි ඉරාන ඩ්‍රෝනා යානාව යේමන ගුවන් හමුදාව විසින් නිරීක්ෂණය කල බව යේමන් සන්නද්ධ හමුදා නියෝජ්ය මාණ්ඩලික ප්රධානී අහමඩ් සයිෆ් අල් යෆී ප්‍රකාශ කලේය‍.

පසුව එමිරේට්ස් ගුවන් හමුදාවගේ සහය ඇතිව ඉරාන හමුදාවට අයත් ඩ්‍රෝනා යානාව විනාශ කල බව ඔහු වැඩිදුරටත් සදහන් කලේය.

 

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)

ජානක ප්‍රියදර්ශන ජයතිලක


RECOMMEND POSTS