අමාත්‍යවරු 4ක් ඉල්ලා අස්වෙයි



කුවේට් අමීර්, ෂයික් සභා අල්-අහමඩ් අල්-ජබීර් අල්-සභා අමාත්‍යවරුන් හතර දෙනෙක්ගේ ඉල්ලා අස්වීමේ ලිපි පිළිගෙන ඇති බව වාර්තා වේ.

තෙල්, ජලජ සහ බලශක්ති අමාත්‍ය, බාතික් අල්-රෂිඩි,සමාජ කටයුතු සහ කම්කරු අමාත්‍ය, හින්ඩ් අල්-ෂබී,මහජන කටයුතු සහ රාජ්‍ය අමාත්‍ය, හසාම් අල්-රූමි සහ පර්ලිමේන්තු කටයුතු පිළිබද රාජ්‍ය අමාත්‍ය, ඇඩෙල්අල්-කුරාෆි යන අමාත්‍යවරු ඉල්ලා අස් වී ඇත.

ඉල්ලා අස් වු අමාත්‍යවරුන්ට දූෂණ චෝදනා එල්ල වී ඇති අතර පුරප්පාඩු වු අමාත්‍යධූර සඳහා අලුතින් අමාත්‍යවරු පත් කිරීමට කටයුතු කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS