අපහාස කර කතක් හිරේ යයි



සෞදි කාන්තාවක් හිටපු ස්වාමිපුරුෂයාට අපහාස කිරීම හේතුවෙන් දින තුනක් බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කර ඇත.

වට්ස්ඇප්, ස්නැප්චැට් සහ අනිකුත් සමාජ ජාල මෘදුකාංග භාවිතා කරමින් අපහාස කර ඇති බවට ජෙඩ්ඩා නුවර අපරාධ අධිකරණයේදී ඔප්පු වී ඇත.

නැවත වරක් හිටපු ස්වාමිපුරුෂයාට විරුද්ධව අපහසාත්මක් අදහස් සමාජ ජාලවල පළ නොකරන බවට පොරොන්දුවකට අත්සන් කරන ලෙස අපරාධ අධිකරණය කාන්තාවට නියෝග කර ඇත.

හිටපු ස්වාමිපුරුෂයාව සහ බිරිඳව සාමදාන කිරීමට සාමදාන කමිටුවකට අධිකරණය යොමු කර ඇති අතර නැවත වරක් සාමදානවීමට ඔවුන් දෙදෙනා කැමැත්ත පළ කර නොමැත.

ජානක ප්‍රියදර්හන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ජෙඩ්ඩා නුවර)

RECOMMEND POSTS