අපහස කළ මාධ්‍යවේදියාට නඩු



කුවේට් දේශපාලන නායකත්වයට වාචික අපහස කිරීමට එරෙහිව ලන්ඩන් නුවර පදනම් කරගත්පලස්තීන මාධ්‍යවේදි, අබ්දෙල් බාරි අට්වාන්ට විරුද්ධව නඩු පවරා ඇති බව අල්-රායි වෙබ් පුවත්පත වාර්තා කළේය.

නීතිඥ මොහොමඩ් තලෙබ්,දේශපාලන නායකත්වයට වාචික අපහස කළ මාධ්‍යවේදියාට විරුද්ධව මහජන නඩු පැවරීමේ අධිකාරියේ නඩුවක් ගොනු කළේය.

ගල්ෆ් කලාපයේ වත්මන් අර්බුදය සහ කුවේට් දේශපාලන මැදිහත්වීම් යන මාතෘකාව යටතේ චන්ද්‍රිකා රූපවාහිනි නාලිකාවක විකාශනය වු සංචාදයකදි මාධ්‍යවේදියා කුවේට් දේශපාලන නායකත්වයට එරෙහින අපහාසාත්මක ආකාරයෙන් අදහස් ප්‍රකාශ කර ඇත.

සංවාදයේදි පලස්තීන මාධ්‍යවේදියා පළකරන ලද අදහස් කුවේටය තුල මහත් ආන්දෝලනාත්මක තත්ත්වයක් උදා කිරීමට සමත් වු අතර සමාජ ජාලා වෙබ් අඩවි තුල ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව තිබු බව පැමිණිලිකාර පාර්ශවය ප්‍රකාශ කළේය. 

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS