අනිවාර්ය නෑ



සෞදි කාන්තාවන්ගේ අයිතිවාසිකම් ලබාදීමේ තවත් එක් පියවරක් ලෙස ප්‍රසිද්ධ ස්ථානවල කළු අබායා ඇඳුම හෝ හිස ආවරණය වන පරිදි  ඇඳුම් ඇදීම අනිවාර්ය නොවන බවත් ඉස්ලාම් ආගම සංකේතවත් වන වස්ත්‍රාභරණ සහ ගෞරවය ඇතිවන ආකාරයේ සුදුසු මෙන්ම පහසු ඇඳුමක් කාන්තාවන්ට තොරාගත හැකි බවටසෞදි ඔටුන්න හිමි කුමරු, මොහොමඩ් බින් සල්මන් ප්‍රකාශ කර ඇති බව ඉන්ඩිපෙන්ඩන්ට් වෙබ් අඩවිය වාර්තා කළේය.

ඉදිරියේදි සෞදි කාන්තාවන්ට පිරිමින් සමඟ එකට ක්‍රීඩා තරඟ නැරඹීමට සහ මෝටර් රථ පැදවීම සඳහා අවසර හිමිවන බව වෙබ් අඩවියේ සඳහන් කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ඉන්ඩිපෙන්ඩන්ට් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS