අනතුරින් තිදෙනෙක් මරුට



සෞදි අරාබියේ අල්-ටයිෆ්, මක්කම සහ රියාද් නුවර සම්බන්ධ වන අධිවේගි මාර්ගයක සිදු වු අනතුරකින් පුද්ගලයන් තිදෙනෙක් ජිවිතක්ෂයට පත් වී ඇත.

අයහපත් කාලගුණය හේතුවෙන් මෝටර් රථ එකිනෙකට ගැටීමෙන් අනතුර සිදු වී ඇති බවත් අනතුරින් පුද්ගලයන් 20 දෙනෙක් පමණ බරපතල තුවාල ලබා ඇති බව සෞදි පොලීසිය ප්‍රකාශ කළේ ය. 

වැලි කුණාටු වරින් වර ඇතිවිය හැකි බැවින් මෝටර් රථ ධාවනය කිරීමේදි පරීක්ෂාකාරි වන ලෙස පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලීමක් කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)


RECOMMEND POSTS