අත්අඩංගුවට ගත් පිරිස නිදහස් කරන්නැයි ඉල්ලයි



ඊජිප්තු ජනාධිපති අබ්දෙල් ෆාටා අල් සීසීට වහා ධුරයෙන් ඉවත් වන්නැයි බලකරමින් කයිරෝ අගනුවර පැවැති විරෝධතාවලදී අත්අඩංගුවට ගත් 74 දෙනා වහා නිදහස් කරන්නයි ඊජිප්තු මානව හිමිකම් සුරැකීමේ සංවිධාන රජයෙන් ඉල්ලයි.

ජනපතිවරයාට ධුරයෙන් ඉවත් වන්නැයි බල කරමින් විරෝධතා පැවැත්වූයේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින ක්‍රියාකාරීන්ය. විරෝධතා හට ගැනීමට මුල් වූයේ ඊජිප්තුවේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයකු මෙන්ම ජනප්‍රිය නළුවකු ද වන මොහොමද් අලී ඊජිප්තු ජනපතිවරයා දූෂිතයකු බවට කළ චෝදනා යැයි පැවැසෙයි.

කයිරෝහිදීය (ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS