අත්අඩංගුවට ගත් තෙල් නැව නිදහස් කරාවි



බි‍්‍රතාන්‍ය රජය මැදිහත් වී අත්අඩංගුවට ගත් තම ‘ගේ‍්‍රස් 1’ තෙල් නෞකාව කඩිනමින් මුදා හැරීමට බි‍්‍රතාන්‍ය බලධාරීන් කටයුතු කරනු ඇතැයි ඉරාවය පවසයි.

බි‍්‍රතාන්‍ය ආරක්ෂකඅංශ මැදිහත් වී, ‘ගේ‍්‍රස් 1’ තෙල් නැව අත්අඩංගුවට ගත්තේ එය සිරියාව බලා යාත‍්‍රා කරමින් තිබුණැයි චෝදනා කරමිනි. සිරියාවට පනවා ඇති සම්බාධක හේතුවෙන් තෙල් නැව්වලට එරට වරාය වෙත යෑම තහනම්ය.

ඉරානය තරයේ පවසා ඇත්තේ ‘ගේ‍්‍රස් 1’ තෙල් නෞකාව සිරියාව බලා යාත‍්‍රා නොකළ බවය. ඒ බව ඔප්පු කළ හැකි සියලූ ලියකියවිලි ඉරාන වරාය අධිකාරිය විසින් බි‍්‍රතාන්‍ය බලධාරීන්ට ලබා දී ඇති බව ද පැවැසෙයි.

(අල් ජසීරා)


RECOMMEND POSTS