අත්අඩංගුවට අරන්



සිරියානු සංක්‍රමණික තරුණියක වන සේරා මර්දීනි (23) අත්අඩංගුවට ගත් බව ග්‍රීක පොලිසිය කියයි.

සේරා මර්දීනි යනු, 2016 වසරේ ඔලිම්පික් උලෙළේ පිහිනුම් ඉසවු සඳහා සහභාගී වුණු සිරියානු ජාතික යුසාරාගේ සොහොයුරියයි. 2016 වසරේ පැවැති ඔලිම්පික් උලෙළට සහභාගී වූයේ සිරියාවෙන් යුරෝපයට පැමිණි සංක්‍රමණික කණ්ඩායමකි.

පොලිසිය පවසන්නේ, නීති විරෝධී අයුරින් වෙනත් සංක්‍රමණිකයන් ග්‍රීසිය ඇතුළු යුරෝපා රටවලට ගෙන්වා ගැනීමේ කල්ලියකට සේරා මර්දීනි හවුල් බවය. ඇය සමඟ තවත් සිරියානු ජාතිකයන් තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව ද පැවැසෙයි.

සංක්‍රමණිකයනක් ලෙස සේරා සහ පිහිනුම් ශූරිය යුසාරා සිරියාවේ ගැටුම්වලින් බේරී යුරෝපයට පැමිණ ඇත්තේ 2015 දීය.

(බී.බී.සී)

 


RECOMMEND POSTS