අගමැති හරීරී සවුදියේ සිරකරුවෙක්



ධුරයෙන් ඉවත් වන බව නිවේදනය තම අගමැති සාද් හරීරී, සෞදියේ සිරකරුවකු වී සිටිනවා යැයි ලෙබනන ජනාධිපති මයිකල් ඇයොන් ද චෝදනා කරයි.

ලෙබනන් ජනපතවරයා සෞදියට ප්‍රසිද්ධියේ චෝදනා එල්ල කළ පළමු අවස්ථාව මෙය විය.

ඒ අනුව, ලෙබනනය සහ සෞදිය අතර නිර්මාණය වී ඇති අර්බුදය තව තවත් උත්සන්න වීමේ අවදානමක් පවතින බව දේශපාලන විශ්ලේෂකයෝ බිය පළ කරති.

හරීරි ධුරයෙන් ඉවත් වෙනවා යැයි නිවේදනය කළේ සෞදියට ගොස් සිටියදීය. ඔහු වැඩි දුරටත් කියා සිටියේ ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානයෙන් සහ ඉරානයෙන් තම ජීවිතයට තර්ජන එල්ල වී ඇති බවය.

(බී.බී.සී.)


RECOMMEND POSTS