අගමැති පුතාට ෆේස්බුක් තහනමක්



ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහුගේ පුතු යාරීෆ්ට ෆේස්බුක් තහනමක් පැනැවීමට ෆේස්බුක් ජාලය පියවර ගෙන ඇත.

ඊට හේතුව වී ඇත්තේ, සියලුම මුස්ලිම්වරුන් ඊශ්‍රායලයෙන් පිටවිය යුතු යැයි 27 හැවිරිදි  යාරීෆ් සිය ෆේස්බුක් පිටුවේ පළ කළ සටහනකි.
එම සටහන මුල්කොට ගනිමින් ඊශ්‍රායල පලස්තීන ගැටුම් ඇවිලී ගියේය. එම ගැටුම්වලින් පලස්තීනුවෝ පස් දෙනෙක් ද ජීවිතක්ෂයට පත්වූහ.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS