400 ක් මැරිලා



නැගෙනහිර ගූථා ප්‍රදේශයට එල්ල වූ ගුවන් ප්‍රහාරවලින් අද උදෑසන වනවිට මියගිය සිවිල් වැසියන්ගේ සංඛ්‍යාව 400 දක්වා ඉහළ ගොස් ඇතැයි මානව හිමිකම් නිරීක්ෂණ සංවිධාන සඳහන් කරයි.

රුසියාවේ ද සහාය ඇතිව සිරියානු රජයේ හමුදා පසුගිය (18) ඉරිදා සිට නැගෙනහිර ගූථා ප්‍රදේශයට ගුවන් ප්‍රහාර එල්ල කරන අතර මෙම ප්‍රහාරවලින් කුඩා දරුවන් 200කට ආසන්න පිරිසක් ජීවිත්ක්ෂයට පත්ව ඇතැයි ද වාර්තා වේ.

සිරියාවේ අගනුවර ආසන්නයේ පිහිටි ප්‍රදේශයක් වන නැගෙනහිර ගූථා ප්‍රදේශය කැරැලිකරුවන්ගේ පාලනයේ තිබෙන අවසන් ප්‍රදේශය බව පැවසේ.

පසුගිය ඉරිදා සිට එල්ල වන ගුවන් ප්‍රහාරවලින් මේ වනවිට 403 දෙනකු ජීවිතක්ෂයට පත්ව 2,250කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇතැයි සිරියානු මානව හිමිකම් නිරීක්ෂණය සංවිධානය කරයි.

තත්ත්වය දරුණු වෙමින් තිබෙන බවත් සංහාරයක් සිදුවීමට පෙර සටන් විරාමයක් කැඳවන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඊයේ (22) සියලු පාර්ශවවලින් ඉල්ලීමක් කළේය. එක්සත් ජාතීන්ගේ සංවිධානය මේ ආකාරයෙන් අවස්ථා කිහිපයකදීම සටන් විරාමයක් කැඳවන්නයි සිරියානු රජය ඇතුළු ‘සිරියානු සිවිල් යුද්ධයට’ මැදිව සිටින සියලු පාර්ශවවලින් ඉල්ලා සිටියද කිසිදු පාර්ශවයකින් ඊට යහපත් ප්‍රතිචාරයක් හිමි නොවීය.

හර්ෂණ තුෂාර සිල්වා
අල්ජසීරා

 


RECOMMEND POSTS