අබායා නීති ලිහිල් වෙයි



සංචාරකයන් ආකර්ෂණය කරගැනීමේ අරමුණින් අබායා නීති ලිහිල් කිරීමට සෞදි රජය කටයුතු කර ඇති බව වාර්තා වේ.

2030 වන විට දළ දේශීය නිෂ්පාදිතයෙන් 10%ක දායකත්වයක් සංචාරක කර්මාන්තයෙන් ලබාගැනීමට හැකිවනු ඇති බවට සෞදි රජය අපේක්ෂා කරයි.

සංචාරය කරන විදේශීය කාන්තාවන්ට අබායා ඇඳුම ඇඳීම අනිවාර්ය නොවන නමුත් පොදු ස්ථානයන්වලට විනීත ඇඳුම් ඇඳීම අනිවාර්ය වන බවසංචාරක ප්‍රධානී, අහමඩ් අල් කතීබ් සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පැවසීය.

අන්තර්ජාලය හරහා ඇමරිකානු ඩොලර් 80ක මුදලකට වීසා ලබාගැනීමට හැකි අතර මක්කම සහ මෙඩිනා ශුද්ධ නගරවලටඇතුළුවීම සීමා කිරීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)

RECOMMEND POSTS