මොසූල් යටින් රහස් උමං පද්ධතියක්



මොසූල් නුවර අත්පත් කරගෙන සිටි දයේෂ් තක්ෆීරී ත්‍රස්තවාදීන් විසින් පහරදීම් සිදු කිරීමටත්, පසුව පලා යෑමටත් භාවිතා කළ රහස් උමං පද්ධතියක් සොයා ගැනීමට පොලිසියට හැකිවී ඇතැයි ඉරාක රජය නිවේදනය කරයි.

දයේෂ් තක්ෆීරි ත්‍රස්තවාදීන් මේ වනවිට මොසූල් නගරය හැර ගොස් ඇතැයි ද පැවැසෙයි. ඉරාක හමුදා පහර දෙද්දී ඔවුන් නගරය අතහැර පලා ගොස් ඇත්තේ මෙම උමං මාර්ග හරහාය.

මොසූල් යනු ඉරාකයේ දෙවැනි විශාලතම නගරයයි. එය මුළුමනින් මුදා ගැනීමට ඉරාක හමුදා සමත් වූයේ පසුගිය ජූලි 10 වැනිදාය.
සොහා ගන්නා ලද මෙම උමං පද්ධතිය කිලෝ මීටර් 400 ක් පුරා පැතිර ඇතැයි හමුදා ප්‍රධානී ලුතිනන් ජනරාල් රහීඞ් ෂකාර් පවසා ඇත.

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS