සිරියා ජනපති මරන්න පසුබට නෑ



සිරියා ජනාධිපති ඉරානයේ සහාය ඇතිව, ඊශ්‍රායලයට එරෙහි වන්නේ නම්, සිරියා ජනාධිපති බෂීර් අල් අසාද් ඝාතනය කිරීමට ඊශ්‍රායලය පසුබට නොවන බව එරට කැබිනට් අමාත්‍යවරයෙක් කියයි.

මෙසේ කියා ඇත්තේ ඊශ්‍රායලයේ ජාතික යටිතල පහසුකම්, බලශක්ති සහ ජල පැසැයුම් සම්බන්ධ ඇමැතිවරයා ලෙස කටයුතු කරන යුවාල් ස්ටෙයින්ස් ය. ඒ, හීබෲ පුවත්පතක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි.

2011 වසරේ සිරියාවේ සිවිල් යුද්ධය ආරම්භ වූ දා පටන් ඉරානය සිරියා ජනාධිපති බෂීර් අල් අසාද්ගේ ෂියා මුස්ලිම් රජයට සහාය පළ කරයි. ඒ, සිරියානු රජයට එරෙහිව අවි අතට ගත් විපක්ෂ ක්‍රියාකාරීන් සහ අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන්ට එරෙහිව සටන් වදිමිණි.

සිරියාවේ අනාගතය තීරණය කළ යුත්තේ ඊශ්‍රායලය හෝ ඇමෙරිකාව ඇතුළු බටහිර බලවතුන් නොව, සිරියා සිවිල් වැසියන් යැයි ඉරානය දිගින් දිගටම අවධාරණය කර ඇත.

(රොයිටර්)


RECOMMEND POSTS