බිත්තර ගෙන්වීම නවත්වයි



ඇමෙරිකාවේ කැලිෆෝනියාවේ rose acre farms බිත්තර එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ආනයනය කිරීම එරට දේශගුණික විපර්යාස හා පරිසර අමාත්‍යාංශය විසින්  තාවකාලිකව නවතා දමා ඇත.

එයට හේතුව ලෙස අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ මෙම ආනයනිත බිත්තර විශේෂයේ බැක්ටීරියා විශේෂයක් අන්තර්ගත වීම නිසා මෙලෙස ගෙන්වීම තහනම් කරන ලද බවයි.

කෙසේ වෙතත් වෙළඳපොළ තුළ අලෙවි කරන බිත්තර සම්බන්ධයෙන්ද සොයා බැලීම් සිදුකරන බවත් ආහාරයට ගැනීමේදී බිත්තර ආනයනිත රටවල් හා අනෙකුත් තොරතුරු එනම් කල් ඉකුත්වීමේ දිනය ආදිය පිළිබඳ සැලකිලිමත් වෙන ලෙසත් ඒම අමාත්‍යංශය නිවේදනය කර අැත..

ඔබත් එක්සත් අරාබි එමීරයේ සේවය කරන අයෙක් නම් වෙළඳපොලින් ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමේදී පරීක්ෂාකාරී වෙන්න‍.

විනීතා එම් ගමගේ


RECOMMEND POSTS