සිලිකන් එන්නත් අවදානම්



ශරීරයේ අවයව විශාල කරගැනීමට වෛද්‍ය උපදෙස් පිළිපැදීමකින් තොරව අනවශ්‍ය ආකාරයෙන් සිලිකන් ශරීරයට එන්නත් කරගැනීම ඉතා අවධානම් ක්‍රියාවක් බව එමිරේට්ස් සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කළ බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

අන්තර්ජාලය ඔස්සේ සිත් ඇදගන්නා ආකාරයෙන්වැරදි ප්‍රචාරණයන් සිදුකරමින් කූඨ ව්‍යාපාරයන් සිදුකිරීම හේතුවෙන් බොහෝ පුද්ගලයින්ට ජීවිතවලින් වන්දි ගෙවීමට සහ රෝගාබාධවලට ලක් වීවසර ගණනාවක් පීඩා විදීමට සිදුවී ඇති බව පෙන්වා දෙයි. 

එක්සත් ජනපද ආහාර හා ඖෂධ පරිපාලනය අධිකාරිය නිකුත් කරන ලද අනතුරු ඇඟවීම් වලට අනුව එමිරේට්ස් බලධාරීන් ජනතාව දැණුවත් කිරීමට පියවර ගෙන ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS