සිනමාකරු මරණ මංචකයේ



සිරියානු සිනමා අධ්‍යක්ෂවරයකු වන මුහම්මද් බයාසීද්, පිහි ඇණුමකට ලක් වීමෙන්, බරපතල තුවාල ලබා රෝහල් ගත කෙරුණි.
මුහම්මද් බයාසීද්, ප්‍රහාරයට ලක් වී ඇත්තේ තුර්කියේ ඉස්තාන්බුල් නුවරදීය.

මුහම්මද් බයාසීද්ගේ තත්ත්වය බරපතල බවත්, ඔහු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බවත් තුර්කි පුවත් සේවා වාර්තා කරයි.

ඔහු නැගෙනහිර සිරියාවේ තඞ්මූර් බන්ධනාගාරය සම්බන්ධයෙන් වාර්තා වැඩසටහනක් නිර්මාණය කරමින් සිට ඇතැයි ද පැවැසෙයි. ප්‍රහාරයට හේතුව එය විය හැකි යැයි අනුමාන කෙරේ. මුහම්මද් බයාසීද් ජාත්‍යන්තරයේ පවා ඇගැයීමට ලක් වූ සිනමාකරුවෙකි.

(ප්‍රෙස් ටීවී)

 


RECOMMEND POSTS