ලෙබනනයෙන් පිටවෙන්න කියයි



ලෙබනන් රාජ්‍යයට ගමන් නොකරන ලෙසත් ලෙබනනයේ සිටින බහරේන් ජාතිකයින්ට ආරක්ෂිත පියවරක් ලෙස හැකි ඉක්මණින් රටින් පිටවන ලෙස බහරේන් විදේශ කටයුතු අමාත්‍යාංශය පසුගියදා නිවේදනය කළ බව ඇරේබියන් බිස්නස් වෙබ් අඩවිය වාර්තා කළේය.

ලෙබනන්අගමැති, සාඩ් හරීරි ඉල්ලා අස්වීමෙන් පසු ලෙබනනය තුල වර්ධනය වෙමින් පවතින දේශපාලන තත්ත්වය සැලකිල්ලට ගනිමින් බහරේනවිදේශ කටයුතු අමාත්‍යාංශය අනතුරු ඇඟවීම නිවේදනයක් මඟින් මහජනතාවට දැනුම් දී ඇත.

දැනට ලෙබනනයේ පවතින දේශපාලනික තත්ත්වය සම්බන්ධයෙන් වැඩි විස්තරයක් වෙබ් අඩවියේ සඳහන් කර නොමැත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ඇරේබියන් බිස්නස් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS