හවුති කැරැලිකරුවෝ වරාය නගරයෙන් පිටවෙති



යේමන සෞදි හිතවාදී රජයට එරෙහිව සටන් වදින ෂියා මුස්ලිම් හවුති කැරැලිකරුවන් මේ වනවිට ඔවුන් විසින් අල්ලා ගනු ලැබ සිටි හොදයිදා නමැති වරාය නගරය අතහැර යමින් සිටින බව වාර්තා වේ.

කැරැලිකරුවන් මෙසේ නගරය අතහැර යෑමට තීරණය කළේ යේමන අර්බුදය විසඳීමේ අරමුණ ඇතිව ක්‍රියාත්මක කළ සාම වැඩපිළිවෙළට අනුවය. සාම වැඩපිළිවෙළ සකස් කරනු ලැබ ඇත්තේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මැදිහත් වීමෙන් යැයි පැවැසෙයි.

(අල් ජසීරා)

 


RECOMMEND POSTS