සෞදි රජු ශෝකය ප්‍රකාශ කරයි



සෞදි රජු, සල්මන් බින් අබ්දුල්ලාසිස් අල්-සවුඩ් තම ප්‍රධානතම පෞද්ගලික ආරක්ෂක නිලධාරියාගේ පවුලේ ඥාතීන්ට ශෝකය ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ. 

මේජර් ජෙනරාල් අබ්දුලාසීස් අල් ෆාගම් සෞදි අරාබියට සිදුකළ සේවය, දැක්වූ පක්ෂපාතිත්වය හා කැපවීම ගැන පවුලේ ඥාතීන් සහ හිතමිතුරන් ඉදිරියේ සෞදි රජු ප්‍රශංසාත්මකව කතා කර ඇති අතර මේජර් ජෙනරාල්වරයාගේ පියා, සහෝදරයන් සහ පුතුන් සෞදි රජුට ස්තූතිය පළ කර ඇත.

ඔටුන්න හිමි කුමරු,නියෝජ්‍ය අගමැති සහ ආරක්ෂක අමාත්‍ය මොහොමඩ් බින් සල්මාන් බින් අබ්දුලාසීස් අල්-සවුඩ් දමේජර් ජෙනරාල්වරයාගේ පවුලේ ඥාතීන්ට ශෝකය ප්‍රකාශ කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)

RECOMMEND POSTS