සෞදියෙන් විද්‍යුත් සංචාරක වීසා



සෞදි අරාබිය අලුතින් හඳුන්වා දුන් විද්‍යුත් සංචාරක වීසා ක්‍රමය සැප්තැම්බර් 27 දින සිට ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

විද්‍යුත් සංචාරක වීසා ක්‍රමය ක්‍රියාත්මක කිරීම සඳහා පාර්ලිමේන්තු අනුමැතිය පසුගිය මාර්තු මාසයේදි හිමි විය.

රටවල් පනස් එකක සංචාරකයන්ට වීසා බලපත්‍ර ලබාගැනීමට පහසුකම් සපයා දෙනු ලබන අතර වීසා ගාස්තුව සෞදි රියාල් 440ක් වේ.

විදේශ කටයුතු අමාත්‍යාංශයට අයත් වෙබ් අඩවියෙන්, සෞදි ගුවන්තොටුපොලකට පැමිණෙන විට සහ ගුවන්තොටුපල රේගු කාර්යාලවලින්විද්‍යුත් සංචාරක වීසා බලපත්‍ර ලබාගත හැකි බව සෞදි රජය දැනුම්දී  ඇත.

විද්‍යුත් සංචාරක වීසා ලබාගැනීමෙන් පසු දින අනූවක කාලයක් සෞදි අරාබියේ රැඳී සිටීමට අවසර හිමි වෙයි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)

RECOMMEND POSTS