විභාග වංචාව රෝහලෙන් නතර වෙයි



විභාග වංචා කිරීම සඳහා යොදාගත් උපකරණ කණේ හිරවීම හේතුවෙන් සිසුන් පහළොස් දෙනෙක් රෝහල් ගත කර ඇති බව වාර්තා වේ.

ශළ්‍යකර්ම මඟින් ශ්‍රවන උපකරණ ඉවත් කිරීමට කටයුතු කර ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

පසුගිය වසර දෙක තුළ,සිසුන්ගේ කන්වල සිරවී තිබු උපාංග 100ක් පමණ ඉවත් කිරීමට කටයුතු කර ඇත.

කණ තුළට උපකරණ ඇතුළු කිරීමෙන් තුවාල,ලේ ගැලීම,ආසාදන හා සිදුරු වීම වැනි හානිකර දේවල් සිදුවිය හැකි බව කුවේට් සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

ප්‍රතිකාර ලබාගත් සිසුන්ගේ විභාග ප්‍රතිඵල දින කිහිපයකට පෙර ප්‍රකාශයට පත් කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS