විද්‍යාඥයින් 19 එමිරේටයේ පදිංචියට
එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය ප්‍රධාන පෙලේ විද්‍යාඥයින් දහනව දෙනෙක්ට දිගුකාලීන පදිංචිය පිරිනමා ඇති බව වාර්තා වේ.
ආයෝජකයින්, ව්‍යවසායකයින්, විද්‍යාත්මක පර්යේෂකයින් සහ විශ්වවිද්‍යාල සිසුන් ඇතුළුව පුද්ගලයන් 2500 දෙනෙකුට දිගුකාලීන පදිංචිය (Golden Residency) ලබාදීමට මේ වන විට කටයුතු කර ඇත.
එක්සත් අරාබි එමීරේට්ස් රාජ්‍යයේ උප-ජනාධිපති, අගමැති සහ ඩුබායි පාලක, ෂෙයික් මොහොමඩ් බින් රෂීඩ් අල්-මක්ටුම්ගේ නියෝගයන්ට අනුකූලව විද්‍යාඥයින් දහනව දෙනාගේ නම් ප්‍රකාශයට පත් කිරීමට අනන්‍යතා සහ පුරවැසි ෆෙඩරල් අධිකාරිය කටයුතු කර ඇත.
විද්‍යාඥයින් 19දෙනාගේ නම් සහ තනතුරු:
එමීරේට්ස් විශ්වවිද්‍යාලයේ සායනික ජාන විද්‍යාව හා ළමා රෝග පිළිබඳ මහාචාර්ය,
වෛද්‍ය ලහද් ඉබ්රාහිම් අල් ගසාලි,කලීෆා විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යාව පිළිබඳමහාචාර්ය, හසන් අරෆත්,
එමීරේට්ස් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය හා සෞඛ්‍ය විද්‍යා පිළිබඳ මහාචාර්ය, ඇන්ඩ්‍රියා වැලෙරියෝ මාකියෝ,
කලීෆා විශ්වවිද්‍යාලයේ රසායනික ඉංජිනේරු විද්‍යාව පිළිබඳ මහාචාර්ය, ෆික්රි මහමුද් අබ්දුල්ලා අබු සයිඩාන්,
කලීෆා විශ්ව විද්‍යාලයේ මහාචාර්ය එන්සා මේන් අල්-නෂෙෆ්,එමීරේට්ස් විශ්වවිද්‍යාලයේ පෝෂණ විද්‍යාව පිළිබඳ මහාචාර්ය ලීනා සොයෝ,
එමීරේට්ස් විශ්වවිද්‍යාලයේ භූ විද්‍යාව පිළිබඳ මහාචාර්ය අෆාෆ් කමලුදීන්.
බුඩාබි විද්‍යා හා තාක්ෂණ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ඇලවුඩින් අල්-ඩහාන්,
කලීෆා විශ්වවිද්‍යාල මධ්‍යස්ථානයේ රොබෝ විද්‍යාව පිළිබඳ ආරම්භක අධ්යක්ෂ මහාචාර්ය ලොඩ්රිස් වේගා,
කලීෆා විශ්ව විද්‍යාලයේ ගුවන්යානා අධ්‍යයන අංශයේ මහාචාර්ය ලක්මාල් සිනාෆිරත්නි,
කලීෆා විශ්ව විද්‍යාලයේ සයිබර් භෞතික විද්‍යා පද්ධති මධ්‍යස්ථානයේ නිර්මාතෘ මහාචාර්ය වෙස්ලි ජේම්ස් සහ රසායනික ඉංජිනේරු විද්‍යාව පිළිබඳ මහාචාර්ය අර්නෙස්ටෝ දමියානි,
එමීරේට්ස් විශ්වවිද්‍යාලයේ කායික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ගලීබ් අද්නාන් අල්-හුසේනි,
එමීරේට්ස් විශ්වවිද්‍යාලයේ විදුලි හා තොරතුරු තාක්ෂණ ඉංජිනේරු විද්‍යාව පිළිබඳ මහාචාර්ය අම්රෝ අබ්දුල්ලා අමීන් ෆවුසි,
එමිරේට්ස් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා පිළිබඳ මහාචාර්ය ඊහාබ් ෆාමි අල් සාදානි,
එමිරේට් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා පිළිබඳ මහාචාර්ය අබ්දු ඇඩම්,
කලීෆා විශ්ව විද්‍යාලයේ විදුලි හා තොරතුරු තාක්ෂණ ඉංජිනේරු විද්‍යාව පිළිබඳ මහාචාර්ය අර්නෙස්ටි අක්නිවෝලා සහ ආචාර්ය හැටෙම් හුසේන් සයිනුදීන්.