වැස්සෙන් ගුවන් ගමන් ප්‍රමාදයි



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ගුවන් ගමන් ප්‍රමාද වී ඇති බව වාර්තා වේ.

අධික වර්ෂාව සහ ගංවතුර හේතුවෙන් ගුවන් ගමන් අවලංගු කිරීමට,වෙනත් ගුවන්තොටුපොලවල් වෙත හරවා යැවීමට සහ ප්‍රමාද කිරීමට සිදු වු බව ඩුබායි අන්තර්ජාතික ගුවන් තොටුපල පවසයි.

ගුවන් තොටුපලේ ධාවන පථයේ කොටසක් ජලයෙන් යටවී ඇති ආකාරය වීඩියෝ දර්ශන සහ ඡායාරූප සහිතව සමාජ මාධ්‍යවල පළ කර ඇති බව වාර්තා වේ.

එමිරේට්ස් සහ ෆ්ලයිඩුබායි යන ගුවන් සමාගම් ඩුබායි අන්තර්ජාතිකගුවන්තොටුපොල හරහා මෙහෙයුම් කටයුතු සිදුකරයි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ඩුබායි නුවර)

RECOMMEND POSTS