ලිබියාවේ හිටපු බුද්ධි ප්‍රධානියා නිදහස් කරන්නැයි ඉල්ලයි



ලිබියා නායක කර්නල් මුවම්මාර් ගඩාෆිගේ රජයේ බුද්ධි ප්‍රධානියා ලෙස කටයුතු කළ මරණ දණ්ඩනය නියම වී අත්අඩංගුවේ පසුවන අබ්දුල්ලා අල් සෙනූසි නිදහස් කරන්නැයි ලිබියාවේ නව රජයට ඉල්ලීමක් ලැබී ඇත.

මෙම ඉල්ලීම කරනු ලැබ ඇත්තේ අබ්දුල්ලා අල් සෙනූසිගේ ඥාතීන් සහ ඔහුගේ හිතවාදින්ගෙනි. 2011 වසරේ ගඩාෆිට එරෙහි විරෝධය එල්ල වෙද්දී බටහිර රටවලට සහාය දැක්වූ අයකු ලෙස අබ්දුල්ලා අල් සෙනූ සැලකෙයි.

කෙසේ නමුත් ගඩාෆි ඝාතනයෙන් පසු අස්ථාවර වුණු ලිබියාව බටහිර රටවල් විසින් අත්හැර දමනු ලැබීය. ඒ අනුව, ගඩාෆිගේ පුතුන් ද ඇතුළු බොහෝ දෙනකු අත්අඩංගුවට ගැනීමට කැරැලිකරුවන් විසින් පිහිටුවාගත් රජය පියවර ගත්තේය. එසේ අත්අඩංගුවට ගත් පිරිස ට මරණ දඬුවම නියම වූ අතර, ඔවුන් මේ වනවිට සිරදඬුවම් විඳින බව පැවැසෙයි.

(අල් ජසීරා)


RECOMMEND POSTS