රතු දත්ත පොතේ පළමු අදියර අවසන්



එමිරේට්ස් රතු දත්ත පොත සකස් කිරීමේ ව්‍යාපෘතියේ පළමු අදියර අවසන් බව එමිරේට්ස් දේශගුණික විපර්යාස හා පරිසර අමාත්‍යාංශය නිවේදනය කරයි.

පළමු අදියරයේදි, සමුද්‍රයේ සහ ගොඩබිම ජීවත් වන ක්ෂීරපායින් පිළිබඳව තොරතුරු රතු දත්ත පොතට ඇතුලත් කර ඇත.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ක්ෂීරපායින් විශේෂ 78 ක් සිටින බව රතු දත්ත පොතේ දැක්වේ. ඉන් 59 ක් ගොඩබිම සහ 19 ක් සමුද්‍රයේ ජීවත් වන ක්ෂීරපායින් වේ.

තර්ජනයට ලක් ව ඇති සත්ව විශේෂ නැවත හඳුන්වාදීමේ වැඩසටහන් අමාත්‍යාංශය ක්‍රියාත්මක කරයි.

රතු දත්ත පොත මඟින් ශාක හා සත්ව සංරක්ෂණ තත්ත්වය සහ ව්‍යාප්ති පිළිබඳ යාවත්කාලීන තොරතුරු සපයයි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, අබුඩාබි)

RECOMMEND POSTS