මිසයිල 6ක් විනාශ කරයි



සෞදි අරාබියේ ජාසන් පලාතේ සාමාන්‍ය වැසියන් ඉලක්ක කරගනිමින් එල්ල කරන ලද බැලැස්ටික් මිසයිල් හයක් විනාශ කර ඇති බව වාර්තා වේ.

ඉරානයේ සහය ලබන හවුති ගරිල්ලන් යේමනයේ සිට බැලැස්ටික් මිසයිල් ප්‍රහාර හය එල්ල කර ඇති අතර සෞදි ගුවන් හමුදාවට අයත් ප්‍රති-බැලැස්ටික් මිසයිල් පද්ධතිය මඟින් විනාශ කර ඇත.

හවුති ගරිල්ලන් සාමාන්‍ය වැසියන් ඉලක්ක කර ගනිමින් නිරන්තරයෙන් බැලැස්ටික් මිසයිල් ප්‍රහාර එල්ල කරයි.

ප්‍රහාර එල්ල කිරීම ආක්‍රමණශීලී හා ත්‍රස්තවාදි ක්‍රියාවක් බවත්,ජාත්‍යන්තර මානව නීතියට අනුව යුද අපරාධයක් බව සෞදි සභාග හමුදා ප්‍රකාශක, කර්නල් තුර්කි අල්-මල්කි පැවසීය.

ජානක ප්‍රියදර්හන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)

RECOMMEND POSTS