මස්කට්-ඩුබායි ගුවන් සේවයක්



මස්කට් සහ ඩුබායි නගර අතර ගුවන් සේවයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.

ගුවන් ගමන් සඳහා එයාර්බස් ඒ380 ගුවන් යානායක් යොදා ගෙන ඇති අතර මස්කට් නුවරින් දිනකට ගුවන්වාර දෙක බැගින් ක්‍රියාත්මක කරයි.

පළමු ගුවන්යානය සඳුදා දින(ජුලි 01) පෙ.ව 11.25ට මස්කට් අන්තර්ජාතික ගුවන්තොටුපොලෙන් පිටත් වී ප.ව 12.19ට ඩුබායි නුවරට ලඟා වී ඇත.

ගුවන්මඟීන් හාරසීයයකට වඩා වැඩි පිරිසක් ගුවන්යානයේ ගමන් කර ඇති අතර ව්‍යාපාරික පන්තියේ ආසන 76ක්ද පළමු පන්තියේ ආසන 14ක් ගුවන් යානය සතුව ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)

RECOMMEND POSTS