මම නියෝග කළේ නෑ: ඇමතිනිය



කුවේට් ගුවන් සමාගමේ සේවකයන් පිරිසක් ඉවත් කිරීමට ඇමතිවරියක් නියෝග කර ඇති බවට පැතිර යන ප්‍රවෘත්තියේ කිසිදු සත්‍යතාවයක් නොමැති බව වාර්තා වේ. 

කුවේට් ගුවන් සමාගමේ ගුවන් නියමුවන්, ඉංජිනේරුවන් සහ සේවකයන් පිරිසක් ඉවත් කිරීමට තමන් නියෝගයක් ලබා නොදුන් බව ආර්ථික කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය සහ වැඩබලන මුදල් අමාත්‍ය මරියම් අල්-අකීල් ප්‍රකාශ කළා ය.

සමාජ ජාල වෙබ් අඩවිවල සහ පුවත්පත්වල පළ වී තිබු ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් කුවේට් ගුවන් සමාගම කරුණු පැහැදිලි කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS