මන්ත්‍රීවරියට මරණ තර්ජන



කුවේට් මන්ත්‍රීනි, සෆා අල්-හෂීම්ට මරණ තර්ජන එල්ල කර ඇති බව අල්-රායි පුවත්පත වාර්තා කර ඇත.

“විදේශිකයන් හුස්ම ගන්නා වාතයට සහ ඔවුන් කරන සෑම දෙයකටම රජය මුදල් අය කළ යුතුයි.’’ යනුවෙන් විවාදයට තුඩු දෙන ප්‍රකාශයක් ඇය සිදුකර ඇති බවට අල්-රායි පුවත්පතේ සඳහන් කර ඇත.

විද්‍යුත් ලිපිනය හරහා මරණ තර්ජන එවා ඇති බවත්, මරණ තර්ජනය සම්බන්ධයෙන් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයට පැමිණිලි කළ බව මන්ත්‍රීවරිය පැවසුවා ය.   

ආසන පනහකින් යුත් කුවේට් ජාතික සභාවේ එකම මන්ත්‍රීවරිය සෆා අල්-හෂීම් වන අතර පසුගිය කාලයේ විදේශීකයන් සම්බන්ධයෙන් විවාදයට තුඩු දෙන ප්‍රකාශ කීපයක් සිදුකර ඇත.

විදේශ ශ්‍රමිකයන්ගේ ප්‍රමාණය අඩුකිරීම  සඳහා ශ්‍රමිකයන් මිලියන දෙකක් රැකියාවලින් ඉවත් කරන ලෙස ඇය පසුගිය ජුනි මාසයේදි කුවේට් රජයෙන් ඉල්ලා සිටියා ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS