බද්ධ දරුවන් වෙන් කරයි



ශරීරයෙන් එකට බද්ධ වී සිටින ලිබියානු දරුවන් දෙදෙනෙක් වෙන් කිරීමට ශල්‍යකර්මයක් සිදුකරන බව වාර්තා වේ.

සංකීර්ණ ශල්‍යකර්මය සිදුකිරීම සඳහා එකට බද්ධ වී සිටින දරුවන් දෙදෙනාව රියාද් නුවර අබ්දුල්ලා රජු විශේෂඥ රෝහලට ඇතුලත් කර ඇත.

ශල්‍යකර්මය සිදුකිරීමට පෙර දරුවන් දෙදෙනා එකට බද්ධ වී ඇති ආකාරය ඉතා සියුම් ලෙස වෛද්‍යවරුන් අධ්‍යයනය කරන බව වාර්තා වේ.

දරුවන් දෙදෙනාගේ ශල්‍යකර්මය සිදුකිරීම සඳහා සෞදි රජු, සල්මාන් බින් අබ්දුල්ලාසිස් අල්-සවුඩ් සහ ඔටුන්න හිමි කුමරු, නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ ආරක්ෂක අමාත්‍ය, මොහොමඩ් බින් සල්මාන් අබ්දුල්ලාසිස් අල්-සවුඩ් මුලිකත්වය ගෙන ක්‍රියාකර ඇත.

දරුවන් දෙදෙනා 2019 ජුනි 24 වන දින ටි‍්‍රපොලි හි උපත ලැබූ බව සෞදි රාජකීය උපදේශක, ආචාර්ය අබ්දුල්ලා බින් අබ්දුලාසීස් අල්- රබියා පැවසීය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින් රියාද් නුවර)

RECOMMEND POSTS