පකිස්තාන විදෙස් ඇමැති ඕමානයේ



පකිස්ථාන විදේශ කටයුතු අමාත්‍යවරයා නිල සංචාරයක් සඳහා පසුගියදා ඕමානයට පැමිණියේය.

විදේශ කටයුතු අමාත්‍ය, මක්ඩූම් ෂා මහමුද් කුරේෂි දින තුනක කාලයක් ඕමානයේ රැදී සිටින බව වාර්තා වේ.

පකිස්ථානය සහ ඕමානය අතර ශක්තිමත් සහයෝගිතාවයක් ඇති කරගැනීම සඳහා අමාත්‍යවරයා කටයුතු කරන අතර විවිධ ක්ෂේත්‍රයන්ට සම්බන්ධ ප්‍රවීනයන් දොළොස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක්ද විදේශ කටයුතු අමාත්‍යවරයා සමඟ ඕමානයට පැමිණි බව වාර්තා විය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)


RECOMMEND POSTS