දිනකට මිලියන 70 නාස්ති කරයි



සෞදි ජාතිකයන් දිනකට සෞදි රියාල් මිලියන හැත්තෑවක (70) ආහාර නාස්ති කරන බව වාර්තා වේ.

දිනපතා මිලියන හැත්තෑවක් වටිනා ආහාර වේල් මිලියන අටක් අපතේ හරින බව අධ්‍යයනයකින් හෙළි වී ඇති බව “Savola’’ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී, අනීස් බින් අහමඩ් මව්මිනා එම්බීසි1 රුපවාහිනි නාලිකාවේ වැඩ සටහනකට එක්වෙමින් ප්‍රකාශ කළේ ය.  

සෞදි නිවාසවලින් 90ක් ආහාර නාස්ති කරන බවත් නාස්තිය අවම කිරීම සඳහා පවුල් 140,000කට විශේෂිත පෙට්ටි වර්ගයන් බෙදා දීමට කටයුතු කළ බවප්‍රධාන විධායක නිලධාරීවරයා ප්‍රකාශ කළේ ය.

ආහාරයට ගන්නා බත්වලින් 35% -40% ප්‍රමාණයක් වාර්ෂිකව අපතේ හරින අතර එහි මුළු වටිනාකම සෞදි රියාල් බිලියන 1.6ක් වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)

RECOMMEND POSTS