තරගය නරඹන්න ඉරාන කාන්තාවන්ට අවසර



2020 පාපන්දු ලෝක කුසලානය වෙනුවෙන් සුදුසුකම් ලැබීම සඳහා ඉරාන පාපන්දු කණ්ඩායම සහ කාම්බෝජ පාපන්දු කණ්ඩායම අතර තරගයක් අද (10) ඉරානයේ තෙහෙරාන් නුවර අසාදි ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙයි.

මෙම තරගයේ විශේෂත්වය වන්නේ කාන්තා පාපන්දු ලෝලීන්ට ක්‍රීඩාංගනයට ඇතුළුවීමට ඉරාන රජය අවසර දීමය. මින් ඉදිරියට  ඉරානයේ පැවැත්වෙන පාපන්දු තරග ද කිසිදු තහංචියකින් තොරව නැරැඹීමට ඉරාන කාන්තාවන්ට අවසර දෙන්නැයි ලෝක පාපන්දු සම්මේලනය ඉරාන රජයට පවසා ඇත.

පාපන්දු ඉරානයේ ප්‍රචලිත ක්‍රීඩාවකි. ඉස්ලාමීය විප්ලවයෙන් පසු, ගතවුණු වසර 40 පුරාවට පාපන්දු ක්‍රීඩාංගනවලට ගොස් තරග නැරැඹීමට අවසර හිමිවී තිබුණේ පිරිමින්ට පමණි.

තෙහෙරාන්හිදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS