ජැකීචෑන් ආයේ ඩුබායි එනවලු



ලෝක ප්‍රසිද්ධ සටන් නළුවෙක් වන ජැකීචෑන් නැවන ඩුබායි රාජ්‍යයට පැමිණෙන බවට ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.

“ඩුබායි කියන්නේ රූගත කරන් හොද තැනක්, මම ආසයි ආයේ ඩුබායි එන්න..... නැවත නැවත එන්න ආසයි’’ යනුවෙන් චිත්‍රපටයක් රූගත කිරීම සඳහා මාර්තු 19 දින ඩුබායි නගරයට පැමිණ සිය රට බලා පටත් ව යෑමට පෙර ප්‍රකාශ කර ඇත.

ජැකී චෑන් කළ ප්‍රකාශය රජයට අයත් නිල ට්විටර් සමාජ ජාල ගිණුමේ පළ කිරීමට ඩුබායි බලධාරීන් කටයුතු කර ඇත.

64 වන වියේ පසුවන ජැකීචෑන් සටන්කරුවෙක්, නළුවෙක්, චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක්,නිෂ්පාදකයෙක්, හොඳ මිතුරෙක් මෙන්ම ගායකයෙක්ද වේ.

ඩුබායි ඔටුන්න හිමි කුමරු වන ෂයික් හම්ඩන් බින් මොහාමඩ් බින් රෂීඩ් අල්-මක්ටුම්ද මුණගැසී ඇති බව වාර්තා වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, අබුඩාබි නුවර)

RECOMMEND POSTS