ගිවිසුම සම්බන්ධයෙන් සාකච්ඡා



 
ඉරාන න්‍යෂ්ටික ගිවිසුම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එක්සත් රාජධානියේ කනිෂ්ඨ විදේශ අමාත්‍ය ඇලිස්ටයර් බර්ට්  ඉරානයට පැමිණියේය.
 
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ඉරාන න්‍යෂ්ටික ගිවිසුමෙන් ඉවත් වීමෙන් පසු බි්‍රතාන්‍යය අමාත්‍යවරයකු ඉරානයේ සංචාරයක නිරත වන පළමු අවස්ථාව මෙයයි.
 
වසර 2015 දී අත්සන් තබන ලද ඉරාන න්‍යෂ්ටික ගිවිසුම තවදුරටත් පවත්වාගෙන යෑමට යුරෝපා සංගමය කටයුතු කරන මොහොත බර්ට් මෙලෙස ඉරානයේ සංචාරයක නිරත වන්නේය.
 
“ඉරානය ඔවුන්ගේ වගකීම් නිසි පරිදි ඉටු කරනවා නම් මේ ගිවිසුම ආරක්ෂා කරන්න තියෙන එකම සහ හොඳම ක්‍රමය එයයි. එමෙන්ම එය කලාපයේ අනාගත ආරක්ෂාව ද තහවුරු කරනවා” ඉරානයේ සංචාරය කිරීමට පෙර නිවේදනයක් නිකුත් කරමින් බර්ට් පැවැසීය.
 
ඉරාන රැඳවුම් භාරයේ සිටින ද්විත්ව පුරවැසියන් සම්බන්ධයෙන් ද බර්ට් මෙම සංචාරයේදී සාකච්ඡා කිරීමට නියමිතය. 
 
හර්ෂණ තුෂාර සිල්වා
රොයිටර්

RECOMMEND POSTS