කාමරවල එකට ඉන්න පුළුවන්



ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව විදේශිකයන්ට හෝටල් කාමර තුල එකට සිටිමට සෞදි රජය අවසර ලබාදී ඇති බව වාර්තා වේ.

සංචාරක කර්මාන්තය දියුණු කිරීමේ අරමුණින් පනවා ඇති දැඩි නීතිරීති ලිහිල් කිරීමට සෞදි රජය පියවර ගෙන ඇත.

නව නීතිරීතිවලට අනුව, සෞදි කාන්තාවන්ටද තනිවම හෝටල් කාමර කුලියට ගැනීමට අවසර හිමිවන අතර භාරකරුවන් නොමැති විදේශීක කාන්තාවන්ට පහසුවෙන් සෞදි අරාබියේ සංචාරය කිරීමටද අවස්ථාව හිමි වෙයි.

අවිවාහක විදේශීක කාන්තාවන්ට සහ පිරිමින්ට කිසිදු බාධාවකින් තොරව සෞදි අරාබියේ හෝටල් කාමර තුල එකටසිටීමට අවස්ථාව හිමි වෙයි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)

RECOMMEND POSTS