ඕමානයෙන් තවත් රෝගීන් 9ක්



කොරෝනා රෝගීන් නවදෙනෙක් පිළිබඳව ඕමාන් රජය ප්‍රකාශයට පත් කර තිබේ.

ඕමාන් ජාතිකයන් අටදෙනෙක් සහ විදේශිකයෙක් කොරෝනා වෛරසය ආසාදනය වු පිරිසට ඇතුළත් වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය.

ආසාදිත රෝගීන් හත් දෙනෙක් විදෙස් සංචාරවල යෙදී ඇති බවට අනාවරණය කර ගෙන ඇත.

ආසාදිතයන් දෙදෙනෙක් පිළිබඳව පරීක්ෂණ පවත්වන අතර,එක් රෝගියෙක් රෝහල් ගතව ප්‍රතිකාර ලබයි.

අනෙක් පුද්ගලයන් නිවාස තුල හුදකලාව තබා නිරෝධායනය කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

සෞඛ්‍ය අමාත්‍යාංශය මේ වන විට කොරෝනා රෝගීන් 33 ක් වාර්තා කර තිබෙන අතර, ඉන් 29 දෙනෙක් විදේශ සංචාරය සඳහා සම්බන්ධ වී ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)

RECOMMEND POSTS