එමිරේටය නොමිලේවීසා දෙයි
එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය නොමිලේ වීසා ලබාදීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.
ඒ අනුව, එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ සංචාරය කිරීමට දෙමාපියන් සමඟ පැමිණෙන වයස අවුරුදු 18 අඩු දරුවන්ට නොමිලේ විසා ලබාදීමට පියවර ගෙන ඇත.
නොමිලේ වීසා ලබාදීම ජුලී 15 දින සිට සැප්තැම්බර් 15 දක්වා ක්‍රියාත්මක බව එමිරේට්ස් නේවාසික හා විදේශ කටයුතු අධ්යක්ෂ කාර්යාලය පැවසීය.
එමිරේට්ස් සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් අදාල පියවර ගෙන ඇත.
ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ඩුබායි නුවර)