උම්රා වීසා 4,566,632ක්



සෞදි අරාබිය උම්රා වීසා හතළිස් පන්ලක්ෂ හැටහය දහස් හයසිය තිස් දෙකක් (4,566,632) මාස හයක් ඇතුලතදී නිකුත් කර ඇත.

2018 සැප්තැම්බර් 12 දින සිට 2019 මාර්තු 07 දින අතරතුර කාලයේ විසා නිකුත් කළ බව සෞදි හජ් සහ උම්රා අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය.

පකිස්ථාන ජාතිකයන්ට වැඩිම වීසා ප්‍රමාණයක් නිකුත් කර ඇති අතර සංඛ්‍යාත්මකව 981,131 වේ.

ඉන්දුනීසියාවට 665,615ක්ද, ඉන්දියාවට 421,697ක්ද, ඊජිප්තුවට 218,846ක් සහ යේමනයට 209,452ක් වීසා නිකුත් කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)


RECOMMEND POSTS