ඊජිප්තු ජනපති එපා කියමින් විරෝධතා
ඊජිප්තු ජනාධිපති අබ්දෙල් ෆාටා අල් සීසී ට ඉල්ලා අස්වන්නැයි බලකරමින් විරෝධතා මාලාවක් ඊජිප්තුවේ ප්‍රධාන නගරවල පැවැත්විණි.
එය ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් පෙනී සිටින ක්‍රියාකාරීන් විසින් සංවිධානය කළ විරෝධතා රැලියක් බව පැවැසෙයි. ප්‍රධාන විරෝධතා රැලිය පැවැත්වූයේ කයිරෝ අගනුවරදීය.
විරෝධතා හට ගැනීමට මුල් වූයේ ඊජිප්තුවේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයකු මෙන්ම ජනප්‍රිය නළුවකු ද වන මොහොමද් අලී ඊජිප්තු ජනපතිවරයා දූෂිතයෙකු බවට කළ චෝදනා යැයි පැවැසෙයි.
(අල් ජසීරා)