ඇමෙරිකන් ඔත්තුකරුට වසර 10 ක සිර දඬුවමක්



ඇමෙරිකාව වෙනුවෙන් ඔත්තු බැලුවේ යැයි චෝදනා ලැබ ඉරාන අධිකරණයක් හමුවට ඉදිරිපත් කෙරුණු ඇමෙරිකන් ජාතික තරුණයකුට 10 වසරක සිරදඬුවමක් නියම කෙරුණි.

මෙම ඇමෙරිකානු ජාතික තරුණයා ෂියේ වැංග් නමැති චීන සම්බවයක් ඇති අයෙකු යැයි ද පැවැසෙයි.

ඔහු ඉරානයේ රැඳී සිට ඇත්තේ වසර කිහිපයක් තිස්සේය. ඉරාන බුද්ධි අංශ විමසිල්ලෙන් පසුවුණු හෙයින් ඔහු අල්ලා ගැනීමට හැකිවුණු බව ද පැවැසෙයි.

(ප්‍රෙස් ටීවී)

 


RECOMMEND POSTS