සුරූපී සහ විරූපී යළිත් කරළියට



ලොකු කුඩා කා අතරේත් අතිශයින් ජනප්‍රිය ‘බියුටි ඇන්ඞ් ද බීස්ට්’ (සුරූපී සහ විරූපී) සුරඟන කතාව ඇසුරින් 90 දශකයේ නිර්මාණය වුණු ඩිස්නි කාටූන් චිත්‍රපටය මේවනවිට යළිත් වරක් රිඳී තිරයට පැමිණීමට සූදානමින් සිටී. 

ඒ, සැබෑ නළු නිළියන් සහ පරිගණක සජීවීකරණ ද සමඟය. මෙය ද වෝල්ට් ඩිස්නි චිත්‍රපටයකි. ඩිස්නි සමාගම ඔවුන්ගේ කාටූන් චිත්‍රපට සැබෑ නළු නිළියන් සහ පරිගණක සජීවීකරණ යොදා ගනිමින් නිර්මාණය කිරීම ආරම්භ කළේ පසුගිය වසරේ සිටය. එහි පළමු පියවර වූයේ ජංගල් බුක් ප්‍රතිනිර්මාණයයි. බියුටි ඇන්ඞ් ද බීස්ට් එහි දෙවැනි පියවර වනු ඇත.

මෙම නව චිත්‍රපටයේ බියුටි එසේත් නැතිනම් බෙල්ගේ චරිතයට පණ පොවන්නේ හැරී පොටර් චිත්‍රපට මාලාව හරහා ජනප්‍රිය වුණු යොවුන් නිළි එමා වොට්සන්ය. ඩැන් ස්ටීවන්ස් විරූපී නමුත් හිත හොඳ නපුරු මෘගයාගේ චරිතයට පණ පොවයි. මෙය බිල් කොන්ඩොන්ගේ අධ්‍යක්ෂණයකි.

 

ලුසිත ජයමාන්න


RECOMMEND POSTS