වඳවීමේ තර්ජනයට ලක්වු කැස්බෑවන් 49 ක් මුහුදට



අබුඩාබි පාරිසරික ඒජන්සිය,එම්රේට්ස් මාලිගය සහ ඩුබායි කැස්බෑවන් පුනරුත්ථාපනය ව්‍යාපෘතිය සමඟ එක්ව වඳවීමේ තර්ජනයට ලක්ව සිටින කෑස්බෑවන් විශේෂයන් වන  Hawksbill Turtles (Eretmochelysimbricata) සහ Loggerhead Turtle (Carettacaretta) අයත් වන කැස්බෑවන් 49 දෙනෙකු මැයි මස 19 දිනට යෙදී තිබූ වඳවීමේ තර්ජනයට ලක්වී සිටින සතුන් සදහා වෙන් කර ඇති දිනයේදී එම්රේට්ස් මාලිගය අසල ඇති මුහුදු ප්‍රදේශයට මුදා හැර ඇති බව වාර්තා වේ.

සතුන් නිදහස් කිරීම තුලින්වඳවීමේ තර්ජනයට ලක්ව සිටින සතුන් ආරක්ෂා කිරීමටත් රැක බලාගැනීමටත් අපගේ පුරුදු වෙනස් කර ගත හැකි අතර මහජනතාව, ධීවරයින්, කැස්බෑවන්ට ආදරය දක්වන පුද්ගයින් සහ අනිකුත් පාර්ශවයන්ගේ සහය ඇතිව කැස්බෑවන් බේරාගැනීමටහැකි බවඩුබායි කැස්බෑවන් පුනරුත්ථාපනය ව්‍යාපෘතිය පෙන්වා දෙයි

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ඇරැබියන් බිස්නස් නිවුස්)


RECOMMEND POSTS