ලොවක් හඬවා අවසන් ගමන් ගිය සිව් හැවිරිදි ජෙසීකා



 

මාරයා මාර පරාජය කිරීමට සිව් හැවිරිදි ඇය නොගත් උත්සාහයක් නැත. ඇය පුංචි දැරියක වුවද ඇයගේ හිත හයිය වූවාය.ඒ පවුලේ අයගේ සැනසීම උදෙසාය. පිළිකා රෝගයකින් පීඩා විඳිමින් සිටියදී ලෝකයේම අවධානයට ලක්වු ජෙසිකා නම් මේ බ්‍රිතාන්‍ය දැරිය ඉකුත්දා සිය කෙටි ජීවිතයෙන් සමුගැනීම සමාජ ජාල මාධ්‍ය ඔස්සේ බොහෝ දෙනෙකු මෙන්ම සංවේදී සිත් ඇති අය  කම්පා කරවන්නක් වූයේය.



ෆේස් බුක් සමාජ ජාල වෙබ් අඩවිය  ඔස්සේ ප්‍රසිද්ධියට පත්වු මෙම දැරියගේ අවමංගල්‍ය උත්සවයට ද විශාල පිරිසක් සහභාගී වී සිටි බවයි විදෙස් පුවත් සේවා සඳහන් කළේ.

Jessica Whelan නම් මෙම දැරිය පිළිකා රෝගයෙන් පීඩා විඳිමින් රෝහල්ගතව සිටියදී ඇයගේ පියා විසින් දැරියගේ ඡායාරූප අන්තර්ජාලය ඔස්සේ ප්‍රසිද්ධියට පත් කිරීමත් සමගයි ලක්ෂ සංඛ්‍යාත පිරිසකගේ අවධානයට යොමුවුනේ. ඇයගේ කථාව පසුව විශාල පිරිසක් විසින් කථා බහට ලක්කල කරුණක් බවට ද පත්විය.

ඇය පිළිකාව හේතුවෙන් පීඩාවට පත්ව සිටි  අවස්ථාවකදී ඇයගේ පියා විසින් ගත් ඡායාරූප කිහිපයක් ලෝකයම කම්පා කිරීමට සමත්වුණා. කෙසේවෙතත් වසරකට වැඩි කාලයක් අවාසනාවන්ත ලෙස පිළිකාවකින් පීඩා විඳි මෙම දැරිය පසුගිය 20 වනදා ජීවිත ගමනින් සමුගෙන ගියා.



ඇයගේ අවමංගල්‍ය උත්සවයට දහස් සංඛ්‍යාත පිරිස් එක්ව සිටි බවයි විදෙස් පුවත් සේවා පෙන්වා දුන්නේ. රෝස පැහැයෙන් සකස් කල කුඩා පෙට්ටියක දැරියගේ දේහය තැන්පත් කර තිබුනා. එමෙන්ම Jessica Whelan දැරිය කැමතිම දේවල් වලින් ඇයගේ අවමංගල අත්සවය හැඩවී තිබු බව ද සඳහන්.

( තිළිණි ද සිල්වා )

ඩේලී මේල් ඇසුරෙනි.........


RECOMMEND POSTS